මේ දිගන්තයේ

Lyrics

මේ දිගන්තයේ මල් වසන්තයේ
ඈ නිසංසලේ මා නිසංසලේ
නිල් ගුවන් ගැඹේ පායනා සදේ
දන්නවාද ඒ පෙම් කතන්දරේ

සිත නෑ කියන්නෙ නෑ
ගත බෑ කියන්නෙ නෑ
ඇය හාදු දෙන්නෙ නෑ
ඈට තේරෙන් නෑ
සිතුවැල් රැදෙන්නෙ නෑ
නෙතුවැල් බැදෙන්නෙ නෑ
පැතුමන් නෙලන්න නෑ
ඇය ආදරේ දෙන්නෑ

මේඝ මාරුතේ
රෑට සීතලේ
යොවුන් හැඟුම් මගේ
තැලී පෙලෙයි ගතේ

සිත නෑ කියන්නේ නෑ…..//

ළඳුනේ අනුකම්පා නැතිදෝ සිතිලා

සිත නෑ කියන් නෑ
ගත බෑ කියන් නෑ
ඇය හාදු දෙන්නෙ නෑ
ඈට තේරෙන් නෑ
ඇය මාව දන් නෑ
මගේ ස්නේහේ දන් නෑ
කොදුරා කියන්න නෑ
දුර ඈත ඉන්නේ ඈ

ඔබ මට ගෙනදෙන වේදනා
යලි යලි පාරයි චේතනා
මා දුක් කඳුලේ නෑවෙනා
වසන්තයේ රෑ
ඔබ ගැන සිතමින් රෑ දිවා
වසන්තයේ මල් පීදිලා
ඉවත බලාගෙන ඇයි ඔයා

මට ඔබ නැති ලෝ එපා
මා සනසනු රෑ දිවා
මට ඔබ නැති ලොව එපා

නෙතු වැල් මැලවී සිතු මල් වැලපී
හසකැන් මියැදී හද සෝ ගෙනදී //

me diganthaye-Rookantha Gunathilake rukantha

More from elon

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists