&

කන්දෙන් එහා

Lyrics

කන්දෙන් එහා නිල් නිම්නයේ
සීතෙන් පෙඟී ඉන්නේ මමයි
මීදුම් සැඳෑ ආනන්දයේ
උණුසුම් සිතින් එන්නේ මමයි
කඳු රෑනේ හැන්දෑවේ
හිත පාළුයි පාළුයි නේ
පවනැල්ලේ මා එනවා
සුභ සැන්දෑවක් වාගේ
සිරි සිරි හඬින් සිරි පොද වැටී
සිතිවිලි මගේ සීතලයි
මීදුම් සැඳෑ ආනන්දයේ
උණුසුම් සිතින් එන්නේ මමයි

ළපටි තේ දළු සීත දැනිලා
තුරුළු වෙනව පෙනේ
සැලෙන දෙතොලට සුවඳ උණුසුම්
බිඳක් ඕනි ද ප්‍රියේ
දෑත පොරවා මා දැන්
මග බලා ඉන්නම්

මීදුම් සැඳෑ ආනන්දයේ
උණුසුම් සිතින් එන්නේ මමයි
කන්දෙන් එහා නිල් නිම්නයේ
සීතෙන් පෙඟී ඉන්නේ මමයි

රෑන විහඟුන් කූඩු වෙනවා
උන්නෙ උනු සොයා
රතු වලාකුළු සේද මීදුම්
කන්ද මුදුනට ගියා
ඉන්න තව මොහොතක් මා
නිමේෂෙන් එනවා

කන්දෙන් එහා…..

Kanden eha – Niranjala Sarojini / Abeywardena Balasuriya

More from elon

Featured on

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists