සැන්දෑ අහස වගේ

Lyrics

සැන්දෑ අහස වගේ සැරසී මට ඉන්න කියා
කියන්න ඇයි ඔබ නාවේ මා රිදවන්නද සිතුවේ //

හිස ගවසන්න සිතා සමන් පිච්ච පොකුරු ගෙනා
අහසට විසිකෙරුවා මං
රෑ කල අහස බලන ඔබට පෙනේවී
හිතන්නෙපා තරුයි කියා ඔබ රැවටේවී

සැන්දෑ අහස වගේ…..

කණ පලදින්න ගෙනා තෝඩු දෙකින් එකක් කඩා
අහසට විසිකෙරුවා මං
රෑ කල අහස බලන ඔබට පෙනේවී
හිතන්නෙපා අඩ සඳ යැයි ඔබ රැවටේවී

සැන්දෑ අහස වගේ…..//

Sanda saanda ahasa wage-Malini Bulathsinhala

More from elon

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists