ඉස්සර මා ඔබ

Lyrics

ඉස්සර මා ඔබ දකින්න ආවේ
මුව සරසාගෙන සිනාවකින්
දැන් ඉඳ හිටලා බලන්න එන්නේ
දරන්න බැරි වේදනාවකින්

මට ඔබ හිරු මෙන් විශ්වාසයි කී
ඔබටම මා ගැන සැක සිතිලා
වැරදි සොයනවද සමුගෙන යන්නට
වෙන හද කුටියක දොර හැරලා

එවන් තැනකදී ඔබගේ යහපත
දියුණුව සම්පත සැලසේ නම්
මගේ දිවිය හැර අනිත් සියලු දේ
කැප කෙරුමට මා සුදානම්

මගේ නිදොස් බව වැටහුණු දිනකදි
කිව මැන අප දත් කෙනෙකු සොයා
එය දැනගත් පසු මම සැනසිල්ලේ
සැතපෙමි සදහට දෙනෙත පියා

මට ඔබ හිරු මෙන් විශ්වාසයි කී
ඔබටම මා ගැන සැක සිතිලා
වැරදි සොයනවද සමුගෙන යන්නට
වෙන හද කුටියක දොර ඇරලා

ඉස්සර මා ඔබ…..

issara ma oba -Priya Suriyasena

More from elon

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists