&

තුන් සිත දැහැන් ගත වෙනා

Lyrics

තුන් සිත දැහැන් ගත වෙනා සිතුවිලි සසල කරවනා
පදවැල් අතර ගැයෙන ස්වරයේ සප්ත වරණ
හිත ළඟ ගයනවද ඔයා
තුන් පැය අතර නිමවෙනා මතකය අතර රැඳවෙනා
සිනමා පටයෙ රැදෙන සුන්දර සිහින රැඟුම
හිත ළඟ රඟනවද ඔයා

නෙතඟට කඳුල ගෙන දෙනා නරඹන සිතද හඬවනා
දුක්බර ප්‍රේම රැඟුම සුන්දර පියවි ලොවක
රඟන්න කියන්නට එපා

තනිකම සිතට කැඳවනා තනිවම සිතින් වැලපෙනා
දුක්බර විරහ ගැයුම සුන්දර පියවි ලොවක
ගයන්න කියන්නට එපා

තුන් සිත දැහැන් ගත වෙනා…..

පෙම්බර වදන් වැල විනා දුක්බර දෙබස් නම් එපා
සිනමා ලොවක මිසක දිවියක සැබෑ ලොවක
දුක්බර චරිතයක් එපා

සුන්දර අදහසක් කියා දුක්බර පදවැලක් ලියා
සත්සර අතර මිසක සුන්දර සැබෑ ලොවක
දුක්බර ගැයුම නම් එපා

තුන් සිත දැහැන් ගත වෙනා…..

thun sitha dahan gatha wena-Kamal Addararachchi/Neela Wickramasinghe Nila

More from elon

Uploaded by
2 followers

Leave a Reply

🎵 Music Queue Add songs & save playlists