සඳවතියේ

Lyrics

තාන තනා තම්දේ නා තම්දෙනා නා
තෙතන තනා තම්දේ නා තම්දෙනා නා

සඳවතියේ ඔබෙ මුදු දෑතේ
වළලු හඬින් මා සිත පිබිදේ
ඔමරි ලතා මා හද දැවටේ
පායන සඳ මෙන් ඔබ මා සිත බැබලේ

තාන තනා…..///

හැන්දෑවේ සඳකැන් අතරේ
මා සෙනෙහේ ඔබ ළඟ රැඳුනේ
රෑ අහසේ රන්තරු දිලිසේ
තනිකම ආවේ තනියට මාගේ

තාන තනා…..//

ඔය දෙතොලේ සිනහව දැකලා
රන් ගොයමේ මල් පීදී නැමිලා
දෙවැට දිගේ තුරු වැල් සැලෙනා
මන බැන්දූ ඔබේ රුව දැකලා

බන්දවාන කුලු යතුරු සදාලා
කැන්දවාන දෙදෙනෙකුට කියාලා
අන්දවාන අලූ යන්තරෙ ඇදලා
කන්දෙ බැදෙන බැත පැහැපත් කරලා

තාන තනා…..

Sandawathiye sadawathiye sadavathiye sada -Centigradz

More from elon

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists