Sithin adinawa

සිතින් අදිනවා

Lyrics

සිතින් අදිනවා ආපසු යන්න නොදී
ඇස් දෙකෙන් අදිනවා වාගේ අහිංසකී
යන්නම ඕනෑ වී නම් මගෙන් මිදී
කෙටි පණිවිඩ ඇයි එව්වේ අළුත් වෙවී

කෙටි පණිවිඩ ඇයි එව්වේ අළුත් වෙවී

දුරක් දුකක් අමුනාගෙන එක නූලේ
ගෙනා දුරක් ඇති ඒකයි දුක් වෙන්නේ //
බිමින් තිබ්බ හිත මොකටද අවුලන්නේ
හිතත් මමත් මට නුඹ විතරයි වාගේ

සිතින් අදිනවා…

හදාගන්න හිත කිරිල්ලියක් අළුතින්
හොයාගන්න තුරු ඉන්නව අද රහසින් //
තරු සිදුනත් නැහැ අහසට සද ඇවිදින්
මගෙ හිත ආයේ කොතැනද අළුත් ඉඩක්

සිතින් අදිනවා…

Sithin Adinawa adinava – Chandana Liyanarachchi

More from elon

Featured on

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists