මේ අවසන් හසුන

Lyrics

මේ අවසන් හසුන මගේ මා මින් මතු ලියනු නැතේ
මා තනිවයි  පෙම් කෙරුවේ ඔබ මට පෙම් කර නැහැනේ
මේ අවසන් හසුන මගේ මා මින්මතු ලියනු නැතේ

ඔබ කියූ රස කතා අසා මා ඔබ හා දුරක් ගියා
ඒ සමනල් ආ මතුදා මට හිමි නොමනෝ සිතුණා
තව හිතකට පෙම් කරලා ඔබ මගේ සිත මුලා කළා

මේ අවසන් හසුන මගේ…..

මට මා ගැන දුක නැහැනේ මට ඔබ ගැන සිත නැහැනේ
මම ඔබේ පෙම විසි කරමී හොඳ හිතකට හිත පුදමී
මම ජීවත් වෙනා තුරා ඔබ මට හමුවෙන්න එපා

ඔබ ලියු පෙම්පත් ඉරලා මා එය ගින්නේ දැව්වා
හද තුළ තිබූ ප්‍රාර්ථනා සුසුමින් අහසට හැරියා
මේ අවසන් හසුන මගේ මා මින්මතු ලියනු නැතේ

Me awasan avasan hasuna mage- Uresha Ravihari

More from elon

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists