නෙතු පියාගන්න

Lyrics

නෙතු පියාගන්න ඉඩදී
ඔබ මැකීයන්න රාත්‍රී //
පිනි බිඳු වැටුණා
ගහකොළ සැලුණා
සෙනෙහසින් වියෝවී
නෙතු පියාගන්න ඉඩදී
ඔබ මැකීයන්න රාත්‍රී

සේද මාවතේ සතුටු සාගරේ ජීවිතේ ගෙවාලූ
සිහින දේශයේ සොඳුරු මල් වියේ පාරමී පුරාලූ
තව පෙම්වතුන් හඩාවී බැඳි ආදරෙන් වියෝවී
උන් නිවාලන්න රාත්‍රී

නෙතු පියාගන්න ඉඩදී
ඔබ මැකීයන්න රාත්‍රී

සැලෙන මාරුතේ පිපුණු මල් ලතා සිනහ කැන් සලාවී
දිනෙක මේ රැයේ බිඳුණු ප්‍රේමයේ සුවඳකින් ගෙනේවී
ලොව ආදරෙන්ම පුරවා උණුසුම් පැතුම්ම පුබුදා
හිරු හා රැඳෙන්න රාත්‍රී

නෙතු පියාගන්න…

Nethu Piyaganna idadi edadi – Sunil Edirisinghe Edirisingha

More from elon

Featured on

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists