&

ඈත වන්නියේ | Atha Wanniye

Lyrics

ඈත වන්නියේ ගුරු ගෙයි පාර අසා
නුඹෙ ඉසව්වට එන්නට හිතෙයි ළමා
සාර සියක් දොම්නස් මැද දෝර ගලා
ඔය උණුහුම මට දැනුණේ දෝස නසා //

රේණු සුවඳ අහසට බොඳවී යා නම්
සීත හිමේ මල් නොපිපී පරවීයන්
කීරි ගැහෙන හිත තිස්සෙම කකියයි නම්
මූණ නුඹේ නොදැක කෝම වෑවෙන්නෙම්

ඈත වන්නියේ…..

හීන් හඳට තරුවක් වත් නැති වේ නම්
රෑ පුරාම ඇයි ඇහැරී සැඟවීයන්
පුර පෝයට මං එනතුරු ඉවසාපන්
රෑ නාඬා නිදි හීනෙට ඉඩ දීපන්

ඈත වන්නියේ…..//

atha etha wanniye vanniye -Niranjala Sarojini/Abeywardena Balasuriya

More from elon

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists