කැන්දම් යන්නම් රන් මල්

Lyrics

කැන්දම් යන්නම් රන් මල් මාලා දාලා
පායනා තරුවේ
කැන්දම් යන්නම් රන් මල් මාලා දාලා
පායනා තරුවේ
තරු පලදා මුතු පලදා
තරු මුතු වැල් පලදා
කැන්දම් යන්නම් රන් මල් මාලා දාලා
පායනා තරුවේ

ටිකිරි කාලේ ගී ගැයූවේ වැව් තෙරේ ආයේ
පුංචි ඔරුවේ පාවෙලා යයි නෙලුම් විල් යායේ
සඳ නැගිලා මල් පිපිලා වැව් තෙරේ ආයේ

කැන්දම් යන්නම් රන් මල් මාලා දාලා
පායනා තරුවේ //

සෙනෙහෙ පා ඒ මාලිගාවේ මුතු සිනහ රාවේ
සොයා සිහිනෙන් පාවෙලා ඈත කඳුයායේ
හිමි වේවා කවදා හෝ මුතු සිනහ රාවේ

කැන්දම් යන්නම් රන් මල්…..

kandam yannam ran mal mala -Priya Suriyasena

More from elon

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists