නාදුණන සිහිනේ

Lyrics

නාදුණන සිහිනේ
සාගරය විලසේ
දුර ඈතටම ඇදුනේ
රළ පාවෙවී බිදුණේ
වේදනා නංවා
ආදරේ හංගා
මාගේ හද පතුලේ
සාගරය තරමේ
මගේ ආදරය රැදුණේ
ඔබ නෑ එලෙස බැදුනේ
දුක වැඩි හන්දා
මම ඉකිබින්දා
දුක වැඩි හන්දා
මම ඉකිබින්දා
නාදුණන සිහිනේ
මහ සාගරය විලසේ

ආදරය හමුවේ
ආ ගමන සිහිවේ
දුර යා හැකිද සෙනෙහේ
සිත වාවණුය බැරිවේ
හඩනා යාමේ
මා තනිවූයේ
මා හදට දැනුනේ
මා ළඟම රැදුනේ
මුදු මේ සුවඳ විතරයි
රුදු මේ කදුළු බිදුවයි
කඳුල මට මිතුරුයි
තනිය මට උරුමයි
කඳුල මට මිතුරුයි
තනිය මට උරුමයි
නාදුණන සිහිනේ
මහ සාගරය විලසේ

නාදුණන සිහිනේ…..

Nadunana sihine – Nirosha Virajini wirajini

More from elon

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists