Sewwandi Paya

සෙව්වන්දි පායා

Lyrics

සෙව්වන්දි පායා හසකැල්ම පානා
හුස්මක් පවා පාට වීලා
හිත ඇල්ම ගේනා සඳ බැල්ම ඕනා
හැඟුමන් මවා සිහින පීරා
සිතුවිලි සේනා ශෝභාව ගේනා
සඳකැන් පවා හසකැන් මවා රෑ පුරා
මගහැර සීමා ආවාම මා හා
තේරෙයි ද මා ආශා පවා රෑ දිවා

කරණා තේරුණා ඈ නිසා පායා සඳ මනහාරා
දෑත මට ඕනා
කරණා තේරුණා ඈ නිසා පායා සඳ මනහාරා
දෑත මට ඕනා
ලං වී සදා සිත් සේ දරා සිතුවම් මවා ආරාධනා
සිහිනේ සරා සේයා වෙලා සිහිනේ ලියා කාරනා
ඔබ මාගේ සිහින ලෝකේ පායලා

සෙව්වන්දි පායා හසකැල්ම පානා

තාරුකා පායනා ඈ නිසා මා හා ඉඟි බිඟි පාලා
ඈත සැඟවීලා
තාරුකා පායනා රෑ පුරා මා හා ඉඟි බිඟි පාලා
ඈත සැඟවීලා
ලං වී සදා සිත් සේ දරා සිතුවම් මවා ආරාධනා
සිහිනේ සරා සේයා වෙලා සිහිනේ ලියා කාරනා
නුඹ මාගේ සිහින ලෝකේ පායලා

සෙව්වන්දි පායා හසකැල්ම පානා

Sewwandi Paya sevvandi sewwandhi – Bathiya & Santhush bns

More from elon

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists