රැල්ලෙන් රැල්ලට | Rallen Rallata | Song & Lyrics

Lyrics

රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ
යන්නම් දියඹට රෑ යාමේ //
අඹු දරුවෝ මා දෙවියො රකීවා
එනතුරු මා උදේ මා

ගොම්මන් රෑ මහ සාගර අඳුරේ
හෝ හෝ හඬ කැරකේ
යන්නම් ඈතට මේ කරදියරේ
ඉරණම රෑ ගමනේ
දුර වෙරළේ මේ යාමේ
සැතපේවා මගෙ දරුවෝ
කඩමලු වූ පන් පැදුරේ
තනි වේ මා සාගරයේ

රැල්ලෙන් රැල්ලට…..

ලන්තෑරුම් එළි සුළඟට නිවුණා
කම්පා වේ හද මා
මන්දාරම් වැහි ඈතින් එනවා
මූහුදේ ජල කළඹා
අසරණයෝ මා වාගේ
දෙවියනි කෝ දිළිඳු මගේ
රැකදේවා අසරණ මා
තනිවේ මා සාගරයේ

රැල්ලෙන් රැල්ලට…..

rallen rellen rallata – Vijaya wijaya Kumaratunga

More from elon

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists