, &

දෑත දරා

Lyrics

දෑත දරා ඇවිදින් ආදරයෙන් මා වෙනුවෙන්
හිඳිනා අයුරු
මිදෙමි දැහැනෙන් හැඟුමන් පාමුල
සිත් වාරු බිඳේවී
ඔබ ලඟ මියුරූ

සේද වළා අතුරාලා සඳපායා ඇති රෑ
තුරුලේ ගෙවමූ
මා පැතු ඒ යුග නෙත් ආදර හිත් ආදරයෙන් හමුවීමයි හිමිවූ

මනහාරී නුරාවී නෙතු මානේ සිනාසී
තව ලං වී
පෙමින් දම් ගොතමී
ගිම්ගානේ තුහීන ගෙනා ඔබෙන් මා නිවෙමී
සදාකල් හිදිමී
තරු යායේ පුරා හඳ වාගේ
වළාවක මාගේ ආලේ ලියමී

සේද වළා ඇතුරාලා සඳපායා ඇති රෑ
තුරුලේ ගෙවමූ
මා පැතු ඒ යුග නෙත් ආදර හිත් ආදරයෙන් හමුවීමයි හිමිවූ

දෑත දරා ඇවිදින් ආදරයෙන් මා වෙනුවෙන්
හිඳිනා අයුරු
මිදෙමි දැහැනෙන් හැඟුමන් පාමුල
හිත් වාරු බිඳේවී
ඔබ ලඟ මියුරූ

Datha detha දැත Dara – Supun Perera, Dinesh gamage, Mithun SK, NaadhaGama

More from elon

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists