Sada Mala
&

සඳ මල පිබිදුණු

Lyrics

සඳ මල පිබිදුණු නිල් කඳුරැල්ලක
රන් තරු පොකුරක මල් ඇතිරිල්ලක
හසරැල් කැල්මක දුක් කදුරැල්ලක
තනිවෙමු දෙසිතෙහි එක සිතිවිල්ලක

හඩා වැටෙන විට නෙතු යුග තෙත්වී
සිනා පොදක් වෙන්නම්
සිනා නඟන විට පැතුමන් දැල්වී
කඳුලින් සුරකින්නම්

සඳ මල පිබිදුණු …

වියෝ දුකට සුසුමට මග අවුරා
හදේ ලැගුම් ගන්නම්
රැඳී නිබඳ පණ නල මෙන් දැවටී
දිවි ඇති තුරු ඉන්නම්

සඳ මල පිබිදුණු …

Sanda Sada සද Mala Pibidunu – Sunil Edirisingha Edirisinghe

More from elon

Featured on

Uploaded by
2 followers

Leave a Reply

🎵 Music Queue Add songs & save playlists