සිනාසෙන්න මට ලොවට පෙනෙන්නට

Lyrics

සිනාසෙන්න මට ලොවට පෙනෙන්නට
දෙන්න ඔබේ එක සිනා පොදක්
හඩා වැටෙන්නට ලොවට හොරෙන් මට
දෙන්න අපේ මතකයෙන් බිදක්
කතා කරන්නට අප ගැන බිදුවක්
අප ගැන අසනා අයට ඉතින්
කියා දෙන්න මට මා හැර ගිය හැටි
තාමත් ඒ ගැන දන්නෑ මං

අළු පාට හැන්දෑවේ වැහි බිංදු පොද වැටෙන
ගන් දෑල තාමත් ඒ වගේද මට කියන් //
දන් පඳුර උඩ නැටුව රන් පාට සමනල්ලු
මං කොහෙද ඇසුවාද මට කියන්

සිනාසෙන්න මට…..

රන් පාට දැවටිච්ච තුරු වදුල මත පිපුන
පින්න මල් පරවුනිද කුමරුනේ මට කියන් //
මං නුබේ හිත ළඟම උණුහුමට ගුලි වෙච්ච
මල් සමය නිම උනිද මට කියන්

සිනාසෙන්න මට…..

Sinasenna mata lowata lovata – Nirosha Virajini wirajini

More from elon

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists