බංගලි වළලු

Lyrics

බංගලි වළලු ගෙන එන්නයි පොරොන්දුව
දුහුලැල් සාරි ගෙන එන්නයි පොරොන්දුව
රන්මිණි මාල පළඳන්නයි පොරොන්දුව
එය ඉටු කෙරෙනා කල නාවද ඉතින් තව
එය ඉටු කෙරෙනා කල නාවද ඉතින් තව //

යල මහ දෙක වැඩ කරලා ගොයම් කපා
බක් මහ එන්න පෙර බැඳෙමුයි තැවෙන්නෙපා
ඉක්මන් කතා කී ඇස් දෙක අඬන්නෙපා
දැක්මත් සහනයකි ඔබ මගහරින්නෙපා

බංගලි වළලු…..

දෙවැට දිරා ගිය රුක් අතු සෙවණ යට
ඕවිට අසල දිය උතුරන පොකුණ පිට
තාමත් දැනෙනවා ඇඟ ගෑ සුවඳ මට
නවතිනු බැරි වුණත් එනු මස්සිනේ ගෙට

බංගලි වළලු…..//

Bangali walalu valalu – Anjalin Gunathilake

More from elon

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists