සමාවෙන්න අක්කේ

Lyrics

සමාවෙන්න අක්කේ පව්කාර මල්ලිට
ඔයාගේ හිතේ තලලා මං කරපු වරදට
ගෙදර ගිනි ගනී හිනැහුනු නමුත් සිරිගෙන
අක්කේ මට වඳින්න බෑ පැලෙයි මගේ සිත

අක්කගේ ආදරයට මං පෙර හරස් වුණා
රත්තරන් අක්කා ඒ හින්දම සදා තනි වුණා
සාගරයක් පිරෙන තුරා මගෙ නෙතු හැඩුවා
මකන්න බැරි පවක් මගේ අතින් සිදුවුණා

සමාවෙන්න අක්කේ…..

මගේ හිතට කවදාවත් දුකක් දුන්නේ නෑ
මගේ ආදරයට මගේ අක්කා හරස් වුණේ නෑ
අම්මා නැති අඩුපාඩුව හිතට දුන්නේ නෑ
අම්මා වූ මගේ අක්කා සැපක් වින්දේ නෑ

සමාවෙන්න අක්කේ…..

samawenna samavenna akke – Priya Suriyasena

More from elon

Uploaded by
2 followers

Leave a Reply

🎵 Music Queue Add songs & save playlists