කුමරියක පා

Lyrics

කුමරියක පා සළඹ සැලුනා වසා සිටි නෙතු පියන් ඇරුණා
කුමර බඹසර අසපුවේ මා සම වැදී උන් දැහැන් බිඳුනා
කුමරියක පා සළඹ සැලුනා

උකුළ ළැමහස මලවි කරලිය මුවා කළ ඇගේ දුහුල් සළු තිර
විවර කෙරුවා මනස් සලෙළුන් උමතු වූ දෙනුවන් දැහැන් ඇද
මා අබියස මැවුණු තුසිතය සුරන් නැළවූ සුයාමය
කුමරියක පා සළඹ සැලුනා

නිසල ජීවන තපෝ වන මැද හැඟුම් ගජසෙන් යදම් බිඳ වැද
තලා සිඳ කම්පනය කරවයි ළපලු තුරුවැල් කැකුළු මල් පෙති
මා හඬවයි බිඳුනු තුසිතය සුළං නැළවූ සුයාමය

කුමරියක පා…..

kumariyaka pa -W.D.Amaradeva Amaradewa

More from elon

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists