දෙපා වාරු නෑ

Lyrics

දෙපාවාරු නෑ කොයි යමී මං මුලාවී //
කොහේ කොතැන ඉන්නේ ලොවේ මං තලාවේ
විඩාවෙන් දැවේ ජීවිතේ රෑ දවාලේ
හදේ වේදනා ගින්දරේ ඇයි දවන්නේ
කොහේ සිටද එන්නේ කොහේදෝ ඇදෙන්නේ
විඩාවෙන් දැවේ ජීවිතේ රෑ දවාලේ
දෙපාවාරු නෑ කොයි යමී මං මුලාවී

ඉමක් නෑ පෙනෙන්නේ කොහේ පිය තැබෙන්නේ
පිපාසය නිවෙන්නේ කෙසේ කඳුළකින්නේ //
ලොවේ දුප්පතා ඇයි දුකින් මිය ඇදෙන්නේ
දෙපාවාරු නෑ කොයි යමී මං මුලාවී //

මහා මාලිගාවේ මහා දොර වැසෙන්නේ //
දයා ගුණ මැකෙන්නේ නැතේ සරණ වන්නේ
අපේ දුක් විලාපේ ඔවුන් නෑ නසන්නේ

දෙපාවාරු නෑ කොයි යමී මං මුලාවී //
කොහේ කොතැන ඉන්නේ ලොවේ මං තලාවේ
දෙපාවාරු නෑ කොයි යමී මං මුලාවී //

Depa waru varu na-J.A. Milton Perera

More from elon

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists