ප්‍රේමිය

Lyrics

ප්‍රේමිය අප දෙදෙනා වියපත් කර
කාලය පළා ගිහින් අප අපට වඩා
ආදරයෙන් හැදූ වැඩූ දරුවන්
ගවු ගණන් ගිහින් ප්‍රේමිය

බොළඳ වදන් වැකි ටිකිරි සිනා රැළි
සප්ත සාගරෙන් එහා ගිහින්
කිරි සුවඳින් පිරි සුරතල් මුව පොඩි
මැවේ මැවේ සිහිනයක් ලෙසින්

ප්‍රේමිය…..

උන් සැනසෙනවා උන්ගේ දරුවන් සමඟ
කැඳලි වල තුරුළු වෙමින්
අප දෙදෙනාටම අද අප පමණයි
සියල්ල අප හැර යන්න ගිහින්

ප්‍රේමිය…..

premiya-Amarasiri Peiris

More from elon

Featured on

Uploaded by
2 followers

Leave a Reply

🎵 Music Queue Add songs & save playlists