මගේ ලොවට ඔබ

Lyrics

මගේ ලොවට ඔබ වඩින තුරා
වඩින තුරා
තරුවක් වාගේ හෙටත් නොපායන
මගේ යොවුන් හද ප්‍රාර්ථනා
අදත් එදා මෙන් බලා හිඳී
මගේ ලොවට ඔබ වඩින තුරා
වඩින තුරා

බලා හිඳිමි පෙර මඟ නෙතු දල්වා
ආදරයේ මුතු පියවිලි අතුරා

කවදා හෝ එක් අරුණු උදාවක
මගේ ලොවට ඔබ වඩින තුරා
වඩින තුරා

බලා හිඳිමි කඳුළින් නෙතු පොඟවා
ආදරයේ රන් කවුළු පියන් හැර

වසන්තයේ පණිවුඩය සිතින් ගෙන
මගේ ලොවට ඔබ වඩින තුරා
වඩින තුරා

මගේ ලොවට ඔබ වඩින තුරා
වඩින තුරා ………///

Mage lowata lovata oba – Neela Wickramasinghe

More from elon

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists