&

හදමල් පඳුරේ

Lyrics

හදමල් පඳුරේ //
පිපෙනා සිතුවිලි මාලා
ඔබගේ මුවගින්
දෙනු මැන මදහස පාලා //
හදමල්

දිවා රෑ සැපතේ විපතේ එකසේ
බැඳිලා වෙසෙමූ මල හා පෙති සේ //
මගෙ දෑස මේ දකිනා දසුන්
ඔය නෙතටද හමුවේවා

හදමල් පඳුරේ…..

මෙලොවේ රස දේ  දිවගේ තබමි
ඔබගේ බැල්මින් සැනසී ඉඳිමී
මවගේ තුරුලේ නිදනා පුතු සේ
රකිමී ඔබ මා පණසේ සුවසේ
මගේ දෑස මේ දකිනා දසුන්
ඔය නෙතටද හමුවේවා

හදමල් පඳුරේ…..

Hadamal pandure- Haroon Lanthra & Sujatha Aththanayaka

More from elon

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists