ප්‍රකම්පිත

Lyrics

ප්‍රකම්පිත චිත්තා ශක්තිනී
අකම්පිත මාතා භක්තිනී
මන සාර චිත්තාකර්ශනී
ධාරක ප්‍රේමිණී //

අග්නි වර්ශා දිවිය අවුරා
පුරා සඳ විලසින් පැහැදුල් මන නොසැලේ
සලිත නොවෙමින් මනසින් පවා
සරතැස දරයි මන ගැඹුරේ

සුසුම් උහුලා රිදුම් ඉවසා
දරා ළය පතුලින් දිවි ගිම් දිවිකතරේ
අචල හැඟුමින් පියවර තබා
විදසුන් වඩයි දිවි මාරුතේ

ප්‍රකම්පිත චිත්තා ශක්තිනී …
ධාරක ප්‍රේමිණී //

Prakampitha – Supun Perera

More from elon

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists