හිමි නැති පෙමකට

Lyrics

හිමි නැති පෙමකට ඉකි බිඳ හැඬුමට
සිත මගෙ බොළඳ වෙලා
අන් සතු හදකට පෙම් කල වරදට
ලොව මට එරෙහි වෙලා //

කියා ගන්න මට දහසක් දේ ඇත
මතු දවසක ඔබ හා තනිවී
හමුවන්නට බැහැ උකුසු වෙසින් ඇත
නෙතු දහසක් අප වෙත යොමු වී

හිමි නැති පෙමකට…..

කිරිල්ලියක ලෙස ඉගිලී එන්නට
සිතේ අත්තටු නැත ද මැවී
වරම් නොවේ මට ඔබ හමුවන්නට
ඈතින් හිඳ හිනහෙනු මැනවී

හිමි නැති පෙමකට…..//

Himi nathi nethi pemakata-Malani Bulathsinhala

More from elon

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists