අම්මා අම්මා මේ මට

Lyrics

අම්මා අම්මා මේ මට කියන්න ලැජ්ජයි තාත්තට //

මං තරුණ වයසේ හැඩිදැඩි කොල්ලෙක්
සොයාලා දෙන්නකෝ ලස්සන පොඩි කෙල්ලෙක් //
කේන්දරෙත් බලලා සාස්තරෙත් අහලා //
මං සනසන්නකෝ කටයුත්තක් කරලා

අනේ අම්මා අම්මා මේ මට….. //

උස වෙන්නත් හොඳ නෑ මිටි වෙන්නත් හොඳ නෑ
මාගේ තරමට ගැළපෙන්නත් ඕනෑ
උස වෙන්නත් හොඳ නෑ මිටි වෙන්නත් හොඳ නෑ
මාගේ සයිස් එකට නීස් එකක් ඕනෑ
කළු වෙන්නත් හොඳ නෑ සුදු වෙන්නත් හොඳ නෑ //
මොනවා වුනත් මෙය ඉක්මනටම ඕනෑ

අනේ අම්මා අම්මා මේ මට….. //

පොල් ගහකුත් ඕනෑ දෙල් ගහකුත් ඕනෑ ගේ දොර ඇඳ පුටු මුදල් හදල් ඕනෑ //
රන්රිදී ඕනෑ මුතුමැණිකුත් ඕනෑ //
මොනවා නැතත් මට ඔස්ලෝ බැංකොක් ෆෙඩරල් ක්‍රමයට සාම ගිවිසුමක් ඕනෑ

අම්මා අම්මා මේ මට….. //

amma amma me mata – Gypsies

More from elon

Featured on

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists