polruppawe

පොල්රුප්පාවේ 

Lyrics

පොල්රුප්පාවේ දඟකල සෙල්ලම් ‍
සුළ‍‍ඟේ පාවී සිතට දැනේ
පිටගම් යනදා එය සිහිවෙනවා
හීන්සැරේ ඔබ මා අමතක කරදා
මායාවක් දෝ බැදුණු සිතුම්
ගිණිදැල් වේ හද සෙනෙහෙ පැතුම්

රෑ රැහැයි හ‍‍ඬේ දුක් ගීත රාවයේ
රෑ රැහැයි හ‍‍ඬේ දුක් ගීත රාවයේ
සවනේ වැකුනේ ගොළුවූ හඬක් ලෙසින්
මායාවක් දෝ බැදුණු සිතුම්
ගිණිදැල්වේ හද සෙනෙහෙ පැතුම්

ඈත ගුරු පාරේ පියමන් සලා යන්නේ
ඈත ගුරු පාරේ පියමන් සලා යන්නේ
කඳුලින් පිරිලා දෙනුවන් වැසී යාදෝ
මායාවක් දෝ බැදුණු සිතුම්
ගිණිදැල් වේ හද සෙනෙහෙ පැතුම්

පොල්රුප්පාවේ…

Polruppawe dagakala sellam – Chandana Liyanarachchi

More from elon

♪
Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists