ඉස්සර ආදී කාලේ

Lyrics

ඉස්සර ආදී කාලේ වයලා වියෝලේ
ඇහුවම නැටෙන තාලයේ
මල් මල් බයිලා රාග කීවේ යාළුවේ
මේ වගේ සතුටු සාදයේ

තැපර්මිඤ්ඤ මායි බනාජී
අර බැගර් මැලේ දවුන ජිවාජී
කපිරිඤ්ඤ බයිලා ගයා වයාලා
ලලයි ලාල කියමු නටාලා

හැඩවැඩ සාය හැට්ට බොස්තරැක්කයේ
ලස්සන තවම පේනවා
රොසලින් ඩොරින් ඩෝන මේරි සුසානා
දකින්න ආසා හිතෙනවා

තැපර්මිඤ්ඤ මායි බනාජී…..

ට්‍රැංගල් කොංගො බොංගෝ බැංජො රබානේ
නාදය තවම ඇහෙනවා
අළුතින් නැතත් රාග තාල ඇසීලා
මේවත් බොහොම වටිනවා

තැපර්මිඤ්ඤ මායි බනාජී…..

පෙර සිට පැවතෙන රස පද තාම තියේවී
කලියුග කාලෙ මේ වගේ
ඉපැරණි දේකට අද ඇති අගය පෙනේවී
මේ හැටි දියුණු ලෝකයේ

තැපර්මිඤ්ඤ මායි බනාජී…..//

Issara aadi kaale- Keerthi Pasquel

More from elon

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists