Me Adare Ridum

මේ ආදරේ රිදුම් | Me Adare Ridum | Song & Lyrics

Lyrics of Me Adare Ridum

හංගන්නට මේ වේදනා
සමුගෙන යා යුතුව වුනා
දවසක අත අතැරෙන බැව් දැන නුඹට ලංවුනා
අපි වෙනුවෙන් අපි නැවතිලා
දෙතැනක තනි වෙන්න වුනා
තව අතහැර ගනු බැරි ඇයි හිත නිතර පෑරුනා

දැනුනත් දුර බව දෙදෙනා
තවමත් ඇයි හිත බැඳිලා
අදටත් රහසෙම වැළපේ ආලේ මා
හැකි නම් ආ මඟ හැරිලා
ඇවිදන් එනු තුරුලට මා
මොහොතක් ඉන්න පෙර සේ හොවා

මේ ආදරේ රිදුම් ගෙනා
හිත ළඟ නොවේ ද වේදනා
තනිකම් මුදන්න ආයේ මා
නුඹ ළඟ නිවෙන්න බැරිවුනා

ඉඳහිට නුඹේ හිත යට හොරා
මගෙ මතක ගෙන ඒද ගළපවා
මට දැනුනු සේ නුඹටත් එදා
දැනුනාද හිත කීරි ගැහෙනා නියා

දැනුනත් දුර බව දෙදෙනා
තවමත් ඇයි හිත බැඳිලා
අදටත් රහසෙම වැළපේ ආලේ මා
හැකි නම් ආ මඟ හැරිලා
ඇවිදන් එනු තුරුලට මා
මොහොතක් ඉන්න පෙර සේ හොවා

මේ ආදරේ රිදුම් ගෙනා
හිත ළඟ නොවේ ද වේදනා
තනිකම් මුදන්න ආයේ මා
නුඹ ළඟ නිවෙන්න බැරිවුනා

මේ ආදරේ රිදුම් Artist – Raveen Tharuka and Lyrics – Umera Pathirana

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists