කියඹු ලතා

Lyrics

කියඹු ලතා නළලේ නටන සීතල පවනැල්ලේ
හංස ලතා දියට ඇදෙයි මේ රන් අරුණැල්ලේ ..හංසලතා…//

රෑන් රෑන් වරල තලා උරතලයේ හිනැහෙන්නේ
නෙතග සැලෙන ඔමරි බැලුම් ඕලු මලක සැගවෙන්නේ
නියර දිගේ නොයන් ගමන් ගොම්මන් වේලේ
අමුතු යමක් සිත දුටුවා නුපුරුදු තාලේ
කියඹු ලතා….
යදුන් ගණන් සුවද දැනෙයි නුඹ එන මග බෝල් පින්නේ
අලුත් ඉරක කිරණ ගලා මගේ පැලට ගොඩ වෙන්නේ
තනි යාමේ නොයන් ගමන් මේ ගම මැද්දේ
නිකිණි මහට ගමට ඇසෙයි මල් වෙඩි සද්දේ
කියඹු ලතා….

Kiyabu Latha Nalale Natana Sithala Pawanalle – Milton Mallawarachchi

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists