&

ආනන්ද මේ රෑ

Lyrics

ආනන්ද මේ රෑ හරී හැඩයිනේ
කවුද පාවෙන මලක් වගෙයිනේ
ලෝකේ ඔයා සතු ලොකු වස්තුවක් වේ
මමනෙ සුහදේ ඒ පෙම් කුමාරී
ආනන්ද මේ රෑ හරී හැඩයිනේ

මාගේ සෙනේ මල් පිපුණෙ අදනේ
නෑනේ නිවෙන්නේ ආශාව මාගේ
නගරේ සියල්ලෝ නිදියාවි සුවසේ
ඒමුත් සෙනේහේ නිදන්නෙ නෑනේ
නගරේ සියල්ලෝ නිදියාවි සුවසේ
මේ වාගේ ජීවිත බැඳේවි රහසේ

ආනන්ද මේ රෑ හරී හැඩයිනේ

කියන්න වාගේ අහන්න හැකි දේ
කියාවි දෙනෙතේ ඔයාගේ මිහිරේ
ඔබෙ සිතුම පැතුමයි මා සිතුවෙ පැතුවේ
ඔබ මාගෙ පිනටයි උපන්නෙ මෙලොවේ
ආලෝක නගරේ ආලේට අපගේ
ආලෝකෙ දෙන්නේ සුබ මංගලම් වේ

ආනන්ද මේ රෑ හරී හැඩයිනේ…..

Ananda me ra re- Haroon Lanthra

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists