මැණිකේ මගේ හිතේ

Manike Mage Hithe by Yohani ft Satheeshan

Lyrics
මැණිකේ මගේ හිතේ, මුදුවේ නුරා හැඟුම් යාවී, ඇවිලේ වී
නෙරියේ නුඹේ නගේ, මගෙ නෙත් එහා මෙහා යාවී , සිහි වේවී

මා හිත ළඟම දැවටෙනා හුරු පෙමක පැටලෙනා , රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා
හිත ළඟම දැවටෙනා හුරු පෙමක පැටලෙනා , රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා
මැණිකේ මගේ හිතේ

ඉතිං නුඹ මටන වංගු ගත්තේ හිත නුඹ මගෙන්ම හැංගු
ආලේ නුඹටම වලංගු මැණිකේ වෙන්වා තව සුනංගු
ගමේ කටකාරම කෙල්ල හිත වෙලා නුඹේ රුවට බිල්ල
නෙතින් නෙත ගත්තාම අල්ල මගේ හිතත් නැහැ මටම මෙල්ල
කෙල්ලේ, කෙල්ලේ, වෙලා මගේ හිත පත්තු
වෙනවද තව ටිකක් කිට්ටු මට පිස්සු තද වෙන විදියට ගැස්සූ
ඔයා දුන්න ඉඟියට මත් වූ බඹරෙකි මම තටු ඉස්සූ
ඔයා වටකරගෙන රැස් වූ රොත්තෙන් හිත අරගත්තු බඹරා

මා හිත ළඟම දැවටෙනා, හුරු පෙමක පැටලෙනා, රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා

හිත ළඟම දැවටෙනා , හුරු පෙමක පැටලෙනා, රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා

මැණිකේ මගේ හිතේ මුදුවේ නුරා හැඟුම් යාවී ඇවිලේවී
නෙරියේ නුඹේ නගේ , මගෙ නෙත් එහා මෙහා යාවී, සිහිවේවී
මා හිත ළඟම දැවටෙනා, හුරු පෙමක පැටලෙනා , රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා
හිත ළඟම දැවටෙනා හුරු පෙමක පැටලෙනා , රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා

මැණිකේ මගේ හිතේ හුරු පෙමක පැටලෙනා හුරු පෙමක පැටලෙනා

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists