දුහුල් මීදුමේ | Duhul Meedum

Lyrics

දුහුල් මීදුමේ සිහිල් මාරුතේ නදී නිම්නයේ රුවක් ඉන්නවා
ඒ රූප නාරි හිදී නෙත් අරුන් නුඹේ නාරි සිහිනේ හැගුම් මත්වෙමින්
මට තාම සීතයි මගේ රත්තරන්

ගස වට කරනා මේ මල් පිපුණා අතු ඉති සැදුණා හැම දවසේ
ඇයි අද වාගේ පෙර කවදා හෝ විසිතුරු නැත්තේ මේ පියසේ
ලිහිණි කුරුල්ලෝ අදයි ගෙනාවේ පෙම් කව ලියවූ පොත අපගේ
සසැලේ සිත මා ඇයි ඒ මිහිරේ

නිමල් නිල්වලා සෙමින් ලංවෙලා රටාවන් අදියි වලා මංඩලේ
කවුරුන්ද ඇදුණේ එවන් රූ තුලින් එය මාද නැහැනේ ඔබයි ඒ ලදුන්
මට තාම සීතයි මගේ රත්තරන්

පිදුම කුමාරී පත්ම වනේ හී මේ ලස්සන පෙර නැහැ දුටුවේ
මිහියාවතෙහි දිය ඇළි අතරින් අප මේ ලෙස පෙර නෑ බැලුවේ
ඇගිලි අගින් හෝ පනින පවන් හී ඉන්න එපා ඔබ මට නොදැනි
සසැලේ සිත මා ඇයි ඒ මිහිරේ
දුහුල් මීදුමේ ….

Duhul Midume Sihil Maruthe Lyrics – H. R. Jothipala

More from Admin

Featured on

Uploaded by
12 followers

Leave a Reply

🎵 Music Queue Add songs & save playlists