Nethu Kandulu

නෙතු කඳුළු

Lyrics

නෙතු කඳුළු කඳුළු කඳුළු
කොයි කාගෙ වුනත් කඳුළු
පිසලන්න එන්න මිතුරු
පාගන්න එපා කඳුළු

පිසලන්න එන්න මිතුරු
පාගන්න එපා කඳුළු

දූ පුතුන් නමින් හැමකල්
මව් පියන් හෙළූ කඳුලැල්
හිත රිදී ගලා හැළුණු
දරු සෙනේහයයි කඳුලැල්
දරු සෙනේහයයි කඳුලැල්

නෙතු කඳුළු…

යුද බිමක නැගෙන ගිනිදැල්
කොයි කඳවුරටත් කඳුලැල්
විඳ දරා ගන්න බැරිමුත්
දුක තමයි ඇසේ කඳුලැල්
දුක තමයි ඇසේ කඳුලැල්

නෙතු කඳුළු…

Nethu Kandulu Kadulu – Sunil Edirisinghe Edirisingha

More from elon

Featured on

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists