මිණි කිංකිණි හඬ පරදා

Lyrics

මිණි කිංකිණි හඬ පරදා මේ ගැල් ගමනේ
කළුවර කතරේ කඳු වැටි මානේ
දුක් ගී රාවේ සවනත පෑරේ සුදු මැණිකේ
මිණි කිංකිණි හඬ පරදා මේ ගැල් ගමනේ

පාළුවේ පාවී හපුතල් කන්දේ
කුර හඬ නැගුනේ මේ දිගු ගමනේ
තව දුර වැඩි වේ ගව්වෙන් ගව්වේ
ඔබ නැති ගම්මානේ මේ දුර නෑහේ

මිණි කිංකිණි හඬ පරදා…..

සීපදේ රාවේ සියොලඟ සසැලේ
ඔබ සිත සැඟවේ දාහය උතුරා
උණුසුම ඔබගේ සිරුරේ දැවටේ
නෑ හිරු පායන්නේ නෑ මට ආයේ

මිණි කිංකිණි හඬ පරදා…..

Mini kinkini hada parada-Vijaya Kumaratunga Wijaya

More from elon

Uploaded by
2 followers

Leave a Reply

🎵 Music Queue Add songs & save playlists