පෙම්වතියන්නේ

Lyrics

පෙම්වතියන්නේ පෙම්වතියන්නේ
මහා සාගරේ මහා සාගරේ
කඳුලෙනි ජල කඳ සැදුනේ
සුසුමෙනි රළ නැගුනේ
කුණාටු මුහුදෙනි අඩ සද පිපුණේ
වේදනා ගෙනේ
පෙම්වතියන්නේ පෙම්වතියන්නේ
මහා සාගරේ මහා සාගරේ
පෙම්වතියෝ පෙම්වතියෝ
පෙම්වතියෝ පෙම්වතියෝ

එනවා යනවා හඬනවා
හිනැහෙන කෙනෙක් නැතී
එනවා යනවා හඬනවා
යනඑන තැනක් නැතී
කළුවර කුටියක එළිය හොයනවා
ඉර හඳ හිනාවෙවී

පෙම්වතියන්නේ පෙම්වතියන්නේ
මහා සාගරේ මහා සාගරේ
පෙම්වතියෝ පෙම්වතියෝ
පෙම්වතියෝ පෙම්වතියෝ

හිරුගේ සඳුගේ කැල්මෙනා
මෝහනයෙන් මත් වී //
කිරි ගරුඩෙන් තැනු පෙම් සොහොනේ
වැළපෙති පෙම් දරුවෝ

පෙම්වතියන්නේ පෙම්වතියන්නේ…..

Pemwathiyanne – Anjalin Gunathilake

More from elon

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists