Lyrics
දුක්ගන්නාරාළ වේ නුඹ ලොකු අයියණ්ඩි
නුඹ තාම ගෙවනවද අපි වෙනුවෙන් වන්දි
යෞවනය නුඹේ හොරු රැගෙන ගියාදෝ
සැන්දෑව උදාවී කළුවරද ළඟාවී නීරසද දුකින්
තොර කළ ජීවිතය ඔබේ
තුන් පොලේ උන්නු වරිගේ හිත් බිඳී රොස් පරොස්
වුණ අපේ මදහසක සිසිල දී නිධානය විය නුඹ අපේ
දුක්ගන්නාරාළ වේ නුඹ ලොකු අයියණ්ඩි
නුඹ තාම ගෙවනවද අපි වෙනුවෙන් වන්දි
තණ්ඩලේ දෙන්නා දෙපොලේ දුක අදී තුටු සිතින්
නුඹ අපේ පියතුමකු නොමැති ගේ අඩුව පිරුවේ නුඹ සෙනේ
දුක්ගන්නාරාළ වේ…..
Dukgannarala Duk gannarala – Victor Rathnayake
♪


Comment