දුක්ගන්නාරාළ

Lyrics

දුක්ගන්නාරාළ වේ නුඹ ලොකු අයියණ්ඩි
නුඹ
තාම ගෙවනවද අපි වෙනුවෙන් වන්දි
යෞවනය නුඹේ
හොරු රැගෙන ගියාදෝ
සැන්දෑව උදාවී කළුවරද ළඟාවී නීරසද දුකින්
තොර කළ ජීවිතය ඔබේ

තුන් පොලේ උන්නු වරිගේ හිත් බිඳී රොස් පරොස්
වුණ අපේ මදහසක සිසිල දී  නිධානය විය නුඹ අපේ

දුක්ගන්නාරාළ වේ නුඹ ලොකු අයියණ්ඩි
නුඹ තාම ගෙවනවද අපි වෙනුවෙන් වන්දි

තණ්ඩලේ දෙන්නා දෙපොලේ දුක අදී තුටු සිතින්
නුඹ අපේ පියතුමකු නොමැති ගේ අඩුව පිරුවේ නුඹ සෙනේ

දුක්ගන්නාරාළ වේ…..

Dukgannarala Duk gannarala – Victor Rathnayake

More from elon

♪
Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists