&

හද ගිලෙයි අම මිහිරේ

Lyrics

හද ගිලෙයි අම මිහිරේ පෙම් සුවේ රස ඉතිරේ
මල් පැණි මදිරා මී පැණි ගංගා
පෙම් සයුරට මුසුවේ පෙම් සයුරට මුසුවේ //

වන බඹරු නොදත් නොසිපී සමනලුන් දුටුවේ  අසිරී
රොන් රස විහිදේ ‍පෙම් ලිය ගොමුවේ
පොබයා මල් සිනහා පොබයා මල් සිනහා

හද ගිලෙයි අම මිහිරේ …..

සුදු පළිඟු තලා උඩදී සඳ කිරණ සමග මුසු වී
පෙම් රළ නතරේ පෙණ පිඩු විසිරේ
ආදර කිරි මුහුදේ ආදර කිරි මුහුදේ

හද ගිලෙයි අම මිහිරේ …..

hada gileyi ama mihire-Mohideen Baig

More from elon

Uploaded by
2 followers

Leave a Reply

🎵 Music Queue Add songs & save playlists