මගේ පුතේ නුඹට

Lyrics

මගේ පුතේ නුඹට
මං කොහොමට දොසක් කියන්නද
නුඹ නුඹේ ලොවේ කිරුලු පැලැන්දට
වෙන බසක් දෙඩූවට රතු තිලක තියූවත්
මං අමනාප වුණත්
ඇගෙ තරමට ආදරයක් කොහෙන් ලබන්නද

පිච්ච මල් රටා හිසලන පිච්චමල් හිනා පළඳින
ඇය ඇවිත් නුඹේ හෙවනැල්ලේ සෙවන ලබන විට
ඒ උණුසුමෙ ජාති ජන්ම ලියා තියෙනවද

මගේ පුතේ නුඹට…..

පුංචි කැදැල්ලේ සිරිකත ඔන්න ඈ ඇවිත් කුලගෙට
නුඹගෙ කියූ කිරිකැටියෙක් හිනා වෙලන විට
ඒ සිනහවෙ ජාති ජන්ම ලියා තියෙනවද

මගේ පුතේ නුඹට…..

mage puthe nubata numbata – Amarasiri Peiris

More from elon

Featured on

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists