තරු දහසක්

Lyrics

තරු දහසක් පායන රෑ අඳුරු වුණාදෝ
පෙමින් බැඳුනු හිත කෙලෙසක නපුරු වුණාදෝ //
මට සතුරු වුණාදෝ

නොපිපි කුසුම පුබුදන්නට හැකිය ආදරෙන්
පිපුනු කුසුම් පර වෙන්නෙත් හිත අනාදරෙන්
සඳෙන් සිසිල හිරු උණුසුම දෙන අහස් තලෙන්
තරු බිඳුවක ආදරයෙන් පලක් නෑ ඉතින්
මට පලක් නෑ ඉතින්

පෙමක සුවඳ විඳගනු බෑ දුරස් වූ සිතින්
පවසක් සන්සිඳ වනු බෑ තුසර බිඳුවකින්
කඳුළු බිඳක් නොමැති නෙතින් වැලපුනත් ඉතින්
ආදරයට අනුකම්පා මට එපා ඉතින්
යලි මට එපා ඉතින්

තරු දහසක් පායන…..

Tharu dahasak payana- Keerthi Pasquel

More from elon

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists