වාදකයාණෙනි

Lyrics

වාදකයාණෙනි ඔබේ සිතාරය
තත්සර නංවන සුමිහිරි රාවය
සුමිහිරි රාවය

කෙතක ගොයම් නෙළනා ලඳුන්ගේ
දෙතොලේ ගීයට මුසු කල මැනැවී
මුසු කල මැනැවී, වාදකයාණෙනි

අඩ අඳුරේ මන්මත් කළ රාවය
තොලගාමින් මෝහයේ සුරා විත
ආලිංගන නැටුමකට සාදයට
කුමට වයන්නෙද එවන් සිතාරය
වාදකයාණෙනි

නව ලොව එළි කල අරුණාලෝකය
රන්කෙත කරනා සඳ ආලෝකය
සව්සිරි අස්වනු නෙලනා ගීතය
රසවත් කළ මැන වයා සිතාරය

වාදකයාණෙනි…

Wadakayaneni vadakayaneni – Sunil Edirisingha Edirisinghe

More from elon

Featured on

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists