බිඟු වැලපීලා

Lyrics

බිඟු වැලපීලා මල් පරවීලා
තරු ගිලිහිලා සඳු සැඟවීලා
අඳුරේ වෙලීලා මග නොපෙනීලා
ඇය වෙන්වූවා මා තනිවුවා මල් පරවීලා

මුදු සීත නිල් විල් තලා
අසල හිඳිමින් ළංවෙලා
පැවසු වදන් ඈ එදා මතකේ රැඳේ //
මොහොතින් ඇඳී සැනෙකින් මැකී
ඉඳු දුන්න සේ ඈ ගියා

බිඟු වැලපීලා මල් පරවීලා…..

සිටි සමනලුන් කල් බලා
එලවා දමා මල් තලා
බඹරුන් ගනී රොන් උරා නොසිතූ ලෙසේ //

මොහොතින් ඇඳී සැනෙකින් මැකී
ඉඳු දුන්න සේ ඈ ගියා

බිඟු වැලපීලා මල් පරවීලා…..

Bingu bigu velapila welapila walapeela – Priya Suriyasena sooriyasena

More from elon

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists