මගේ ජීවිතේම ඔබ නම්

Lyrics

මගේ ජීවිතේම ඔබ නම්
ඔබෙ ජීවිතේම මා නම්
මේ ආදරේ පුදන්නම්
හැමදා ළඟින් රැඳෙන්නම් //

හිත් යායට පිණි වැටීලා ආදරේ කුසුම් පිපිලා
ඒ කුසුම් සුවඳ දැනිලා හදවතම උමතු වෙනවා
නිදි දෙව්දුව නැහැ එන්නේ ඔබෙ රුවයි නෙතු දකින්නේ
උපදිනා හැඟුම් ළමැදේ කොහොමදෝ දරා ගන්නේ

මගේ ජීවිතේම ඔබ නම්…..

මට කඳුළු උරුම කරලා ඔබ එන්න එපා මිදීලා
මියැදුනත් ඔබව හැරදා මම නොයමි ඉතින් කිසිදා
යෞවනේ මල් වසන්තේ මගේ ලොවටද වඩින්නේ
හිත අදරෙන් පිරෙන්නේ මේ ඇත්තමයි කියන්නේ

මගේ ජීවිතේම ඔබ නම්…..

mage jiwithema jivithema jeewithema oba nam- Roshan Fernando

More from elon

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists