&

පෙම් සිහිනේ මාළිගයේ

Lyrics

පෙම් සිහිනේ
පෙම් සිහිනේ මාළිගයේ ආලෝකේ දේවී
මේ ජීවිතේ
මේ ජීවිතේ ප්‍රේමේහී චන්ද්‍රා නැගීලා
පෙම් සිහිනේ

මා ප්‍රේම රාජා මා ප්‍රේම රාජා
මේ විනොදයේ කාන්තිදේ
බාලේ බැඳී ආලේ සදාවී සදා ලෝලේ
උදාවි අපේ කාලේ
මා අනන්ද වේ
මේ ජීවිතේ
මේ ජීවිතේ ප්‍රේමේහී චන්ද්‍රා නැගීලා
පෙම් සිහිනේ

කාන්තිය දේ හදේ විලේ ප්‍රේම කුමුදු රාණී
ආලෙ මිහිර පා සනසයි මාගේ රූප රාණී//
භාග්‍ය උදාවේවී උදාර සැපේ දේවී
ස්රියාව නැගී ඒවී
මා අනන්ද වේ
මේ ජීවිතේ
මේ ජීවිතේ ප්‍රේමේහී චන්ද්‍රා නැගීලා
පෙම් සිහිනේ

මා පෙම් විමානේ මා පෙම් විමානේ
දෙව් කුමාරයා රූසිරී
ප්‍රේමණීය ස්වාමි මා නේද ඔබේ ප්‍රේමී
මේ එන්න සෙනේ පාමී
මා ආනන්ද වේ
මේ ජීවිතේ
මේ ජීවිතේ ප්‍රේමේහී චන්ද්‍රා නැගීලා
පෙම් සිහිනේ

මී මැස්සා මලින් මලේ රේණු බීලා යාවී
ඈත අන්න කෝකිලයෝ ගීත නාද දේවී//
ආලෙ අපේ ස්ථිරයි පෙම් සිහින අලංකාරයි
මේ ලෝකෙ සදා මිහිරයි
මා ආනන්ද වේ
මේ ජීවිතේ
මේ ජීවිතේ ප්‍රේමේහී චන්ද්‍රා නැගීලා
පෙම් සිහිනේ

පෙම් සිහිනේ මාළිගයේ…..

Pem sihine maligaye- Mohideen Baig

More from elon

Featured on

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists