කතරේ සිසිල්

Lyrics

කතරේ සිසිල් පැන් පතා
මිරිඟුව හඩා ආ නියා
ලතැවී වැටී වැලපිලා
කවුදෝ සිටී රැවටිලා

හැමදා වගේ මගතොටේ
උදයේ හවා දුටු නිසා
බැලුවා විනා ඔබ දිහා
ඒ මිස නැතේ සිත බැඳී
නැත මා සිතේ ඔබ රැඳී
වැරදී හැඟුම් නෑ මැවී

කතරේ සිසිල් පැන් පතා…..

නෙතු යුග තිබේ ගම්මානේ
නිසි මඟ සොයා ගනු මැනේ
යනු මැන ඉතින් නොම රැඳී
කරදර නොවේ ආ ලෙසේ
නැත මා සිතේ ඔබ රැඳී
වැරදී හැඟුම් නෑ මැවී

කතරේ සිසිල් පැන් පතා…..

Kathare sisil pan- Chandralekha Perera

More from elon

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists