පුදසුනක නිසල බව

Lyrics

පුදසුනක නිසල බව ලද පෙමට තිබුණි නම්
හදවතක නොවෙයි මේ තරම් සුසුම්
මට කියනවාද මට කියනවාද
බැඳි ආදරයට ඇයි දුන්නේ රිදුම් //

මල් විලක එලා තිබු මුදු සුවඳ නෙළාගෙන
සැනසිල්ල ළඟින් හිනැහෙන්න ගිහින්
දුක හඬන හැඬුම්…..
ඔබ දන්නවනම් නෑ දෙන්නේ තැවුල්

පුදසුනක නිසල බව ….

සිල් සඳක ප්‍රභා ඇති පෙම් වරම උතුම් ලෙස
පුද දුන්නු බැතින් පණ ගැහෙන තරම්
ලෙන්ගතු සිතකින්…..
මැන බලනවනම් නෑ ඉන්නේ දුරින්

පුදසුනක නිසල බව ….

Puda sunaka nisala bawa bava – Dayan Witharana

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists