ඔරුවක පාවෙන

Lyrics

ඔරුවක පාවෙන රෑ ඝණ අඳුරේ, තොටියෙකි මා මේ සිතල වතුරේ
ඔරුවක පාවෙන රෑ ඝණ අඳුරේ
පායා එන්න සඳේ මට දී ආලෝකේ, පාළු වෙලා මගේ ලෝකේ ඕ ඇයි
පාළු වෙලා මගේ ලෝකේ
තෝරා දෙන්න වහා නැගෙනා මේ සෝකේ, පාළු වෙලා මගේ ලෝකේ ඕ ඇයි
පාළු වෙලා මගේ ලෝකේ
මගේ අදුර මකා දී ඇගෙ ඇසුර ලබා දී, සනසන්න හිතේ දුක පහ කරලා
ඔරුවක පාවෙන…//
මාගේ වෙහෙස නිවා සතපා හිනැහෙන්නේ, කවුද කියා නැත දන්නේ කොයි
කවුද කියා නැත දන්නේ
ජීවේ අඩුව මකා පුරවා සනහන්නේ, කවුද කියා නැත දන්නේ කොයි
කවුද කියා නැත දන්නේ
බත රසට උයාලා, කොලපතට බෙදාලා, ගෙන එන්න කෙනෙක් දෙනු මැන සොයලා
ඔරුවක පාවෙන…//

Oruwaka oruvaka Pavena Rae Gana Andure Lyrics – Milton Mallawarachchi

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists