Sonduru Bambarek

සොඳුරු බඹරෙක් | Sonduru Bambarek | Song & Lyrics

Lyrics of Sonduru Bambarek

සොඳුරු බඹරෙක් නපුරු මලකින්
ආයෙමත් රොන් ගන්නෙ නෑ
සියුම් හදවත් රිදෙන හමුවක්
ආයෙමත් සිදුවෙන්නෙ නෑ

ලඟට ලං වී ඉන්න දවසට
ප්‍රේමයෙන් හිත නහවනා
නුඹත් අරුමැති ප්‍රේමයකි මට
සැනින් ඒ හිත රිදවනා

හිතක සෙනෙහස හැඳින ගන්නට
තරම් හදවත නොතෙමෙනා
සොඳුරියේ නුඹ කවුද එනමුදු
මගේ හිත අත් නොහරිනා

රේණු සැඟවූ රෝස මලකට
බඹරු තහනම් වෙන්නෙ නෑ
දැනුණු සුවඳක වෙළුණු හැඟුමක්
මතකයෙන් ගිලිහෙන්නෙ නෑ

නටුවෙ රිදවුම් දැනුණු තරමට
බඹරු තරහා වෙන්නෙ නෑ
සොඳුරු හදවත් කිසිම දවසක
ප්‍රේමයට සමුදෙන්නෙ නෑ

සොඳුරු බඹරෙක් නපුරු මලකින්
ආයෙමත් රොන් ගන්නෙ නෑ
සියුම් හදවත් රිදෙන හමුවක්
ආයෙමත් සිදුවෙන්නෙ නෑ

Sonduru soduru Bambarek – Keerthi Pasquel kirthi

More from Admin

♪
Uploaded by
15 followers
🎵 Music Queue Add songs & save playlists