Jeewana Wila Mada

ජීවන විල මැද

Lyrics of Jeewana Wila Meda

ජීවන විල මැද වැජඹෙන කැකුළකි
රූබර වූ යුවතී
ජීවන විල මැද වැජඹෙන කැකුළකි
රූබර වූ යුවතී
තී මට තී මට කියමින් බිඟු පෙළ
ඇය අවටම රඟතී
ජීවන විල මැද වැජඹෙන කැකුළකි
රූබර වූ යුවතී

ළහිරු රැසින් පිබිදෙන පියුමෙන්
රොන් බී මත් වුණ බඹරා
මියුරු හඬින් කී ගී නවතා යයි
පියුමේ හද අඹරා
නෑ එන පාටක්
නෑ එන පාටක්
ළතැවෙයි පියුම අනේ
ආ මට කෑමක්
ආ මට කෑමක්
තවෙකෙක් බඳිති සෙනේ
ජීවන විල මැද වැජඹෙන කැකුළකි
රූබර වූ යුවතී

අවරට යන හිරු සවසට බැස යයි
ගුම් නද දැන් නො ඇසේ
රසයට රැවටුණු නෙළුමද හැකිලෙයි
පුන්සඳ දැක අහසේ
ඒකයි දෛවය නෙළුමේ ඒකද
යුවතියගෙත් දෛවේ
දාකයි දෙකකයි පමණයි විසිතුර
එය ජීවන මහිමේ

ජීවන විල මැද වැජඹෙන කැකුළකි
රූබර වූ යුවතී
තී මට තී මට කියමින් බිඟු පෙළ
ඇය අවටම රඟතී
ජීවන විල මැද වැජඹෙන කැකුළකි
රූබර වූ යුවතී

Jiwana vila Mada – Sujatha Aththanayaka

More from Admin

♪
Uploaded by
15 followers
🎵 Music Queue Add songs & save playlists